ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස සෝදිසි කිරීම සදහා ලබා ගත් වරෙන්තුව විවෘත කරන ලෙසට එරට අධිකරණ දෙපාර්තමේන්තුව ෆ්ලොරීඩා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වරෙන්තුවක් විවෘත භාවයට පත් කරන ලෙසට මෙවැනි ඉල්ලීමක් සිදුකරන්නේ ඉතා කලාතුරකින් බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. අධිකරණය ඒ සදහා අවසර ලබා දුනහොත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව ලිපි ලේඛණ මහජනතාවට ප්‍රසිද්ධ කිරීමේ අවස්ථාව ලැබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් තම ධුරකාලයට අදාළ ඇතැම් ලිපි ලේඛණ රහසිගතව සගවාගෙන සිටි බවට චෝදනා එල්ලවුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයෙකුට සිය ධුරකාලය තුළ ඊමේල්/ දුරකතන සංවාද ඇතුළු තොරතුරු පෞද්ගලිකව තබා ගැනීමට නොහැකි වන අතර ඒවා රජය සතු දේපොළ ලෙස සැලකෙනවා.
The post ට්‍රම්ප්ගේ නිවස සෝදිසි කිරීමට ලබා ගත් වරෙන්තුව විවෘත කිරීමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලයි appeared first on ITN News.
Post a Comment