Sep
30
උද්ඝෝෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපා ජාතිකයන් නව දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඉරානයේ බුද්ධි අංශ මගින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කලේ. ඔවුන් බුද්ධි සේවා කටයුතුකළ පුද්ගලයන් බව ඉරාන රජය සඳහන් කළා. උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කිරීමේදී ඔවුන් තිරය පිටුපස සිට කටයුතු කර ඇති බවයි ඉරාන බලධාරීන් පවසන්නේ. ස්වීඩන් , ජර්මන්, ඉතාලි, ප්‍රංශ නෙදර්ලන්ත හා පෝලන්ත ජාතිකයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
The post උද්ඝෝෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපා ජාතිකයින් නව දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment