විදේශගත ශ්‍රමිකයින්ගේ පහසුව සදහා හෝප් පිවිසුම කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී විවෘත කෙරුණා.
විදේශගත ශ්‍රමිකයින් මෙරට ආර්ථිකයට දක්වන අනුපමේය දායකත්වය අගය කරමින් මෙසේ විශේෂ දොරටුවක් විවෘත කෙරුණේ නිමල් සිරිපාල ද සිල්වා, මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ලක්ෂ 15 ක් පමණ වන විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් බිලියන 7 ක් පමණ දේශීය ආර්ථිකයට එක්කරනවා.
එම පිරිස අරමුණු කර ගනිමින් නව දොරටුව විවෘත කෙරුණා. දිනකට දහසක පමණ පිරිසකට හෝප් පිවිසුමෙන් පහසුකම් ලබාගත හැකියි.
මේ අතර විදේශ රැකියා සදහා යොමුවන මෙරට තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජා ඇල ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. තරුණ තරුණියන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රජයේ ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගීත්වයෙනුයි දැනුවත් කිරීම සිදුකෙරුණේ.
The post විදේශගත ශ්‍රමිකයින්ගේ පහසුව සදහා හෝප් පිවිසුම විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment