රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
රුසියාවේ බෙල්ගොරෝඩ් ප්‍රදේශයේ පුහුණු හමුදා කඳවුරකයි මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබෙන්නෙ. තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බව සදහන්. ප්‍රහාරයෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විශේෂ මෙහෙයුමක් සඳහා පුහුණුව ලබමින් සිටි හමුදා නිලධාරීන් පිරිසක් අතරට පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
The post රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment