උගන්ඩාවේ ඉබෝලා වෛරසය පැතිරයාමත් සමඟ දිස්ත්‍රික්ක 2ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
උගන්ඩාවේ මුබෙන්ඩේ සහ කස්සන්ද යන දිස්ත්‍රික්ක මෙලෙස වසා දැමීමට තිරණ කර ඇත්තේ සති 3ක කාලයක් සඳහායි. ඒ අනුව බාර්, රාත්‍රී සමාජ ශාලා , ආගමික ස්ථාන සහ විනෝදාස්වාද ස්ථාන වසා තැබෙන අතර ඇඳිරී නීතිය බලාත්මක කර තිබෙනවා. ඊබෝලා වයිරසය පැතිර යාමත් සමඟ රෝගීන් 58 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ දී මුබෙන්ඩේ දිස්ත්‍රික්කයෙන් ඉබෝලා වයිරසය පැතිර යාම ආරම්භ වුණා. කෙසේවෙතත් සැබෑ මරණ සහ සිද්ධීන් සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ඉබෝලා වෛරසය පැතිරයාමත් සමඟ උගන්ඩාවේ දිස්ත්‍රික්ක 2ක් වසා දැමේ appeared first on ITN News.
Post a Comment