ළදරුවෙකු අන්තර්ජාලය හරහා විකිණිමට තැත් කළ ශ්රී ලාංකික කාන්තාවක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මාස දෙකකට අඩු මෙම ළදරුවෙකු අන්තර්ජාලයේ දැන්වීමක් පළකර විකිණිමට ඩිරාම් දොළොස්දහසකට කටයුතු කර ඇති බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු ඩුබායි පොලීසිය විසින් අධිකරණ කටයුතු වෙන යොමුකර තිබෙනවා. ඩුබායි කලීච් ටයිම්ස් පුවත්පතට අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ මෙම තිදෙනාට වසර තුනක සිරදඩුවමක් සහ ඩිරාම් හාරදහසක දඩයක් එරට අධිකරණය විසින් නියමකර තිබෙනවා.
The post ළදරුවෙකු අන්තර්ජාලය හරහා විකිණිමට තැත් කළ ශ්රී ලාංකික කාන්තාවක් ඩුබායිහිදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment