Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයකදී ඇතිවූ කළහකාරී සිද්ධියකින් මියගිය සංඛ්‍යාව 129ක් දක්වා ඉහළට  

Add comments

ඉන්දුනීසියානු පාපන්දු තරගයකදී ඇතිවූ කළහකාරී සිද්ධියකින් මියගිය සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීම් සහ ගැටුම්වලින් 129 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ගැටුම ඇතිවූ ක්‍රීඩාංගනයේ ධාරිතාව ප්‍රේක්ෂකයින් හාරදසක් පමණ වන අතර මෙම සිද්ධිය හේතුවෙන් තවත් 180 ක් තුවාල ලබා තිබෙනවා. නැගෙනහිර ජාවාහිදී අරේමා පාපන්දු කණ්ඩායම සහ ප්‍රෙස්බෙයා සුරබයා කණ්ඩායම් දෙක අතර පැවති තරගයකදීයි මෙම ගැටුම ඇතිව තිබෙන්නේ. තරග අවසානයෙන් පසු ක්‍රීඩා ලෝලීන් කලහකාරීව හැසිරී ඇති අතර සිද්ධිය පාලනය කිරීමට පොලීසිය කදුලුගෑස් ප්‍රහාර එල්ලකර තිබෙනවා. මෙහිදී සෙනග තෙරපීමකට සහ හුස්ම හිරවීම් වලට ලක්ව ඇති බව වාර්තා වනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තුරු ඉන්දුනීසියාවේ සියලු පාපන්දු ලීග් තරග නැවැත්වීමට ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ නියෝගකර තිබෙනවා. පාපන්දු ක්‍රීඩාගනයෙන් පිටතදීත් මෙම ගැටුම තරදුරටත් පැතිරගොස් තිබුණා.

 

The post ඉන්දුනීසියාවේ පාපන්දු තරගයකදී ඇතිවූ කළහකාරී සිද්ධියකින් මියගිය සංඛ්‍යාව 129ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG