ඉන්දියාව සබ්මැරීනයක සිට විදිය හැකි බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බලා තිබෙනවා.
මේ අනුව න්‍යෂ්ඨික බලය සහිත සබ්මැරීන සතු ලොව හයවෙනි රට බවට ඉන්දියාව පත්වනු ඇති. අයි එන් එස් අරිහන්ත් නමින් හඳුන්වා ඇති න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනය සම්පූර්ණයෙන්ම දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සමත්ව තිබීම විශේෂත්වයක්. මෙම නවෝත්පාදනයත් සමඟ ඉන්දියාවේ යුද ශක්තිය විශාල වශයෙන් ඉහළ යන බවයි විශ්ලේෂකයන් පවසන්නේ. ඉන්දියාවට අමතරව මෙවැනි න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන ඇත්තේ චීනය, ප්‍රංශය, රුසියාව, මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි.
The post ඉන්දියාව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි appeared first on ITN News.
Post a Comment