කෝවිඩ් ආසාදිතයන් අටසිය දෙනෙකු සමග නිවාඩු ගත කරන නෞකාවක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ළගා වී තිබෙනවා.
මැජෙස්ටික් ප්‍රින්සස් නමැති මෙම නෞකාවේ මගීන් හාරදහස් හයසිය දෙනෙකු පමණ සිටි බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් අටසිය දෙනෙකුටම කෝවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබුණා. බොහෝ දෙනෙකුට සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ඕස්ට්‍රේලියාව තුළ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන කාලවකවානුවක මෙම නෞකාවද පැමිණ තිබෙනවා. රෝගීන් නිරෝධායනය කිරීමට සහ ප්‍රතිකාර සදහා යොමු කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව ඕස්ට්‍රේලියා මාධ්‍ය සදහන් කළා.
The post කෝවිඩ් ආසාදිතයන් 800 සමඟ නිවාඩු ගත කරන නෞකාවක් සිඩ්නි නුවරට appeared first on ITN News.
Post a Comment