ඇමරිකා එක්සත් ජනපද අතර මැදි මැතිවරණයෙන් ඇරිසෝනා ප්රාන්තය ජයග්රහණය කිරීමට ඩිමොක්රැටික් පක්ෂය සමත් වී තිබෙනවා.
මේ අනුව ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලක ඩිමොක්රැටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය ලබා ගැනීමේ හැකියාව වැඩි වී ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. ඇරිසෝනා ප්රාන්තයෙන් ලැබුණු නවතම ප්රතිඵලයත් සමග සෙනෙට් සභාවේ බලය ආසන 49 බැගින් රිපබ්ලිකන් සහ ඩිමොක්රැටික් පක්ෂ අතර බෙදී යනු ඇති.
නෙවාඩා සහ ජෝර්ජියා ප්රාන්තවල ඡන්ද ප්රතිඵල තවමත් ලැබී නැහැ. නියෝජිත මන්ත්රී මණ්ඩලයේ බලය මේ වන විට පවතින්නේ රිපබ්ලිකන් පක්ෂය අතයි.
The post ඇරිසෝනා ප්රාන්තයේ ජය ඩිමොක්රැටික් පක්ෂයට appeared first on ITN News.
Post a Comment