හලාවත ධීවරයින්ගේ ගැටලුවලට කඩිනම් විසදුම ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කලා. ඒ ප්‍රදේශයේ ධීවරයින් සමඟ පැවති සාකච්ඡාවකදියි.
හලාවත ප්‍රදේශයේ පවුල් හාරදහසක් පමණ ධීවර කර්මානතයේ නිරතව සිටිනවා. හලාවත ධීවර වරායේ මෙන්ම ඒ ආශ්රිත ප්‍රදේශයේ පහසුකම්වල පවත්නා අඩුපාඩු හේතුවෙන් ධීවර කටයුතුවලට බාධා පැමිණ ඇති බව ධීවරයින් පෙන්වා දෙනවා. හලාවත මෝයේ වැලි ඉවත් කිරීම මෙන්ම ඔවුන්ට බලපා ඇති ඉන්ධන ගැටලුවට කඩිනම් විසදුම් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ධීවරයින් හමුවේ ප්‍රකාශ කලා.
ඒ හලාවත වැල්ල ප්‍රදේශයට ෙමතෙක් බලපා තිබු ඉන්ධන පිරවුම්හලක අඩුපාඩුව මගහරවාලමින් නව පිරවුම්හලක් විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින්. ගැටලු සම්බන්ධයෙන් ධීවර සමිති නායකයින් සමඟ සාකච්ඡා කිරිමට ද අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
The post හලාවත ධීවර ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන බවට ඇමති ඩග්ලස් පොරොන්දු වෙයි appeared first on ITN News.
Post a Comment