Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපි සූදානම් – පියල් නිශාන්ත  

Add comments

ධීවර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපි අමාත්‍යාංශයම අරගෙන ධීවරයගෙ ගමට, වෙරළට, වැවට යන්න සූදානම් – ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා.

“දළ රළ සවිය” ලෝක ධීවර දිනය 2022  ලෝක ධීවර දිනයට සමගාමීව ධීවර රාජ්‍ය පියල් නිශාන්ත මහතාගේ අදහසකට අනුව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධානය වන දීප ව්‍යාප්ත ධීවර ජංගම සේවාවේ පළමු වැඩසටහන නොවැම්බර් 11 වන දා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ධීවර හැඳුනුම්පත් නිකුත් කිරීම, ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීම, ධීවර සංඥා සන්නිවේදන ගැටළු විසඳීම ඇතුළු ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන විසින් සපයනු ලබන සියලු සේවා මෙම ජංගම සේවාව හරහා සැපයීමට කටයුතු යොදා තිබුණි. විදුලි සන්දේශන නියාමක කොමිශන් සභාව මඟින් ධීවර ජනතාවගේ රේඩියෝ බලපත්‍ර යාවත්කාලීන කිරීම පිලිබඳ ගැටළු විසඳීම සහ නව බලපත්‍ර නිකුත් කිරීම පිලිබඳ ගැටළු විසඳීම ද මෙහිදී සිදුවිය.

මෙම වැඩසටහන ධීවර ජනතාව බහුලව වෙසෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ගෙනයාමට සූදානම් බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

සියලු ධීවර ප්‍රශ්න එක් දිනකදී විසඳිය නොහැකි නමුත් බොහෝ ගැටළු හඳුනාගනිමින් කඩිනම් විසඳුම් සෙවීමට මේ හරහා  අවකාශය උදා වූ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා  මහතා පෙන්වා දුන්නේය. ජංගම සේවයේ දී විසඳීමට නොහැකි වන ප්‍රශ්න අදාළ ආයතන වෙත යොමුකර පසු විපරම් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ද ඒ මහතා තවදුරටත් පැවසීය. එසේම ඉදිරියේ දී ධීවර ගැටළු සඳහා මැදිහත්විය හැකි සෙසු රාජ්‍ය ආයතන ද මෙම ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතු වැඩසටහන තුළට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.

ජංගම සේවාවට සමගාමීව ඉදිරියේ දී හදුන්වාදීමට නියමිත නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, රක්ෂණය පිළිබඳව සහ ධීවර ළමා ඉතුරුම් ගිණුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය. ධීවර අමාත්‍යාංශයට අයත් සියළු ආයතන ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව ධීවර දිනය වැඩසටන් මාලව සඳහා දායකත්වය සපයයි. ජංගම සේවා සැපයීම්, තාක්ෂණික සහ සෞඛ්‍යමය දැනුවත් කිරීම්, ධීවර සුභසාධන වැඩසටන්, ආකල්ප සංවර්ධන වැඩ සටහන් සහ ධීවර ප්‍රජාවගේ දරුවන් ඉල්ලක කරගත් වැඩසටන් ආදී වැඩසටන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක වේ. නොවැම්බර්  21වන දිනට යෙදන ධීවර දිනය මූලික කොට මෙම වැඩසටන් නොවැම්බර් මාසයේ ඉදිරි සති කිහිපය පුරා ක්‍රියාත්මක වනු ඇත.

ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අතිරේක ලේකම් සේනාරත්න මහතා, අතිරේක ලේකම් නාමල් තලංගම මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, අධ්‍යක්ෂ ජනරාල් තාක්ෂණ දම්මික රණතුංග මහතා, බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පෙරේරා මහතා, ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත විජයරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝකා මහත්මිය ඇතුළු අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

 

 

The post ධීවර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපි සූදානම් – පියල් නිශාන්ත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG