ස්පාඤ්ඤයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අත්හිටුවා තිබෙනවා.
ස්පාඤ්ඤයේ වැලෙන්සියා ගුවන් තොටුපොලේ ධාවන පථ සියල්ල ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අත්හිටුවා ඇති අතර මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. වැලෙන්සියා ප්‍රදේශයට මිලිමීටර් සියයකට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. රට පුරා ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී ඇති අතර පසුගිය සිකුරාදා සිට ජනජීවිතයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ලවී තිබෙනවා. එමෙන්ම කාලගුණ තැඹිලි අනතුරු ඇගවීම් ද නිකුත්කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ස්පාඤ්ඤයට බලපා ඇති අයහපත් කාලගුණ හේතුවෙන් ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අත්හිටුවයි appeared first on ITN News.
Post a Comment