ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි.
මෙම හමුවේදී ඔවුන්ගේ ප්‍රධානතම මාතෘකාව බවට පත්වන්නේ තායිවානය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජෝ බයිඩන් ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු චීන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙයයි.
තායිවානයේ ස්වාධීනත්වය සම්බන්ධව පසුගිය කාලයේදී ඇති වූ මතභේද හේතුවෙන් චීනය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර විරසකභාවයක් ඇතිවුණා. තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම පෙනී සිටින බව බයිඩන් ප්‍රකාශ කර සිටියා. මෙය මීට පෙර සිටි ඇමෙරිකා ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්තියට වඩා සපුරා වෙනස් බවයි විචාරකයන් සදහන් කළේ.
The post ජෝ බයිඩන් සහ චීන ජනපති අතර හමුවක් ලබන සතියේ appeared first on ITN News.
Post a Comment