එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මේ අතර ලබන 14වන දා අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එදින පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බව ද කතානායකවරයා ප්‍රකාශ කලා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා.
The post එකතු කළ අගයට බදු සංශෝධනය ව්‍යවස්ථානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි appeared first on ITN News.
Post a Comment