කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගම ස්ථාපිත කෙරුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම සමාගමේ සංචිතය සැකසී ඇත්තේ ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම් සමාගම, ශ්‍රී ලංකාවේ ජෝන්ස් කීල්ස් ඉදිකිරීම් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම් පිළිවෙළින් සියයට පනස් එක, සියයට තිස්හතරක හා සියයට පහළොවක් ලෙස කොටස් ආයෝජනය කිරීමෙනි.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. අද ආරම්භ වූ පළමු අදියර යටතේ මීටර් 800 කින් යුත් පර්යන්තයේ ඉදිකිරීම සිදුවනවා.
මීට අමතරව ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර18 ක් එක් කිරීම ස්වයිංක්‍රීය ගේට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, දත්ත විශේලේෂණ පද්ධතියක් ආරම්භ කිරීම ඇතුළු කටයුතු රැසක් සිදු කිරිමට නියමිතයි.
මෙම පර්යන්තය ඉදිකිරීමත් සමග කොළඹ වරායේ බහාලු මෙහෙයුම් ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන අතර එය මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරි සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් සපයනු ඇති.
නව සමාගම ස්ථාපිත කිරීමේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, අදානි හා ජෝන්ස් කීල්ස් සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post කොළඹ බටහිර පර්යන්තයේ වැඩ ඇරැඹේ appeared first on ITN News.
Post a Comment