මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයාද හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් දෙදෙනාම ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයට (IDH) ඇතුළත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සඳුදා ඩුබායි සිට පැමිණි 42 හැවිරිදි පුද්ගලයා රෝග ලක්ෂණ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.
මේ අතර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ මේ වන විට දකුණු ආසියානු කලාපයෙන් මංකිපොක්ස් ආසාදිත රෝගීන් 32ක් වාර්තා වී ඇති බවයි. ඉන්දියාවෙන් රෝගීන් 17 ක්, තායිලන්තයෙන් 12 ක්, ඉන්දුනීසියාවෙන් එක් අයෙකු සහ ශ්‍රී ලංකාවෙන් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇත.
The post මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයාත් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment