අධික වැස්සෙන් මුලතිව් නන්දිකඩාල් කලපුව ඇතුලු කලපු උතුරයි.
මාර්ග රැසක් යටවී ගමනාගමනයට බාධාවීමෙන් ජනතාව පීඩාවට.
දින 10 කට අධික කාලයක් මුලතිව් දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් නන්දිකඩාල් කලපුව ඇතුලු කලපු සියල්ලක්ම පිරී යාම හේතුවෙන් මාර්ග රැසක් යටවී ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇතැයි මුලතිව් වැසියන් පවසා සිටිති.
මුලතිව් අම්බලවන්පොක්කනේ, සාලෙයි ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 60 ක පමණ පිරිසකට මුලතිව් දිස්ත්‍රීක්කයට, පාසල් වෙතට ඇතුලු අනෙකුත් අවශ්‍යතා සඳහා ගමනාගමනයේදී දැඩි බාධා එල්ල වී ඇත.
එමෙන්ම නන්දිකඩාල් කලපුව මෙන්ම සාලෙයි, වට්ටුවාක්කල් ආදී කලපු සියල්ලක්ම මේ වන විට පිරී පැවතීම හේතුවෙන් අතුරු මාර්ග රැසක් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු නැවතී ඇතැයි වාර්ථා වෙයි.
මේ අතර පුදුකුඩිඉරිප්පු සහ මුලතිව් ප්‍රධාන මාර්ගය වැටී ඇති වට්ටුවාක්කල් පාලම පිහිටි ස්ථානයේ මාර්ගයේ දෙපස පිහිටි කලපු පිරී පැවතීම හේතුවෙන්ද ගමනාගමනයට බාධා එල්වී ඇති අතර තවත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉදිරියේදී එම මාර්ගයේ ගමනාගමනය සම්පූරණයෙන්ම නැවතීමේ අවධානමක්ද පවතී.
The post අධික වැස්සෙන් නන්දිකඩාල් කලපුව උතුරයි appeared first on ITN News.
Post a Comment