දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක් ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. දෙදහස් විසිහතරේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 30 දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කළේ.
සංචාරක කලාප අද සිට විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා. අමාත්‍ය කංචන විජේසේකර මහතාද ඊයේ මේ බව සදහන් කර තිබුණා.
The post දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක් appeared first on ITN News.
Post a Comment