දෙසැම්බර් 5 වනදා සිට 2022 වර්ෂයේ අතරමැදි පන්ති සදහා සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ වසරේ තුන්වන වාරය ආරම්භ වන්නේ දෙසැම්බර් 5 වනදායි. එදින සිට මේ වසර සදහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
2023 වර්ෂයේ අතරමැදි පන්ති සදහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ 2022 වර්ෂයේ තුන්වන පාසල්වාරය අවසන් වන 2023 මාර්තු 24 වනදායින් පසුවයි.
පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කෙරෙන අයදුම්පත් සළකා බැලීමෙන් මෙම පුරප්පාඩු පුරවන බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ.
අමාත්‍යාංශය නිකුත් කරනු ලබන චක්‍රලේක අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.
The post දෙසැම්බර් 5 සිට 2022 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කර නොගැනේ appeared first on ITN News.
Post a Comment