මෙම වසරේදි ඉන්දීය විදෙස් ශ්‍රමිකයන් තම මව් රටට ඇමෙරිකා ඩොලර් බිලියන 100 ඉක්මවු මුදලක් උපයා දී තිබෙනවා. මෙම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත මුදලක් බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ.
රටක් මෙම ඉලක්කයට ළඟා වු පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. ලොව පුරා සිටින ඉන්දීය විදෙස් ශ්‍රමිකයන් තම මව් රටට යවන මුදල් ප්‍රමාණය 12%කින් ඉහළ ගොස් තිබෙනවා. මෑත කාලීනව බොහෝ ඉන්දීය ජාතිකයන් එක්සත් ජනපදය , එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව වැනි ඉහළ ආදායම් ලබන රටවල් වල ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. මෙලෙස විදෙස් ශ්‍රමිකයන්ගෙන් වැඩිම ආදායමක් ලබන රටවල් ලෙස චීනය , මෙක්සිකෝව , ඊජිප්තුව , පකිස්තානය පිලිපීනය සහ බංගලාදේශයත් ඉහළින්ම සිටිනවා. ඉහළ ආදායම් ලබන ගල්ෆ් කලාපයේ රටවලින් ද ඉන්දියාව වෙත ලැබෙන විදෙස් ප්‍රේෂණ 36%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවනවා.
The post ඉන්දියාව වෙත ලැබෙන විදෙස් ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.
Post a Comment