Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඇමෙරිකා සහයෝගය අවශ්‍යයි – පින්ලන්ත අගමැති  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය නොමැතිව යුරෝපයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට නොහැකි බව පින්ලන් අග්‍රාමාත්‍ය සනා මැරීන් පවසනවා.

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීයී ඇය මේ බව සදහන් කළේ. රුසියාවෙන් එල්ල වන අභියෝග හමුවේ යුරෝපයට තනිව මුහුණදීමට තමන් ශක්තියක් නොමැති බව ද ඇය පෙන්වා දුන්නා.

මේ වන විටත් ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනය සදහා වැඩිම යුද ආධාර ලබා දුන් රට බවට පත්ව තිබෙනවා. පෙබරවාරි මස 24 වනදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සිට මේ දක්වා ඇමෙරිකාව යුක්රේනයට ඇ.ඩො.බි 18 කට අධික ආධාර ලබාදී තිබෙනවා.

ෆින්ලන්තය ද ඉදිරියේදී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සංවිධානයේ  සාමාජිකත්වය ලබාගැනීමට සැළසුම් කර ඇති බවයි එරට අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ.

 

 

 

The post යුරෝපයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඇමෙරිකා සහයෝගය අවශ්‍යයි – පින්ලන්ත අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG