තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳවූ කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකින්හැම් මාළිගය නිවේදනය කරනවා.
රාජකීය සම්ප්‍රදායට අනුව බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේදී මෙම ඓතිහාසික කිරුළ පැළඳවීම සිදුකරනු ලබනවා. මෙය හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වර්ඩ් කිරුළ ලෙසයි. 13 වන සියවසේ සිට ඉංග්‍රීසි සහ බ්‍රිතාන්‍ය රජවරුන්ගේ රාජාභිෂේකවලදී මෙම කිරුළේ විවිධ වෙනස්කම් සිදුකරමින් පළදා තිබෙනවා. රාජාභිෂේකයෙන් පසු එය නැවතත් තැන්පත් කරනු ලබන්නේ ලන්ඩන් කුළුනේයි. බකින්හැම් මාලිගය නිවේදනය කරන්නේ ලබන වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් මෙම කිරුළ ඉවතට ගෙන නවීකරණය කිරීම ආරම්භ කර ඇති බවයි.
The post එළිසබෙත් රැජිණ පැළඳවූ කිරුළ නවීකරණය කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment