ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකාව ආධාර හා ණය වශයෙන් මේ වන විට ඩොලර් මිලියන 240 ක් ලබාදී ඇති බවඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේදී ඇමෙරිකා මහා භාණ්ඩාගාරය සහ පරිපාලනය ලබා දෙන සහාය දැඩිව අගය කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
වොෂින්ටන් නුවරදී ඇමෙරිකා එක්සත් ජනපද ඇන්තනී බ්ලින්කන් මහතා හමුවූ අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටින අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පවත්වනවා. අලි සබ්රි මහතා යූඑස් ඒඩ් සංවිධානයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය හමුවී ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් සභාක බිල්ජොන්සන් හමුවී රට මුහුණපා සිටින ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ද විදේශ කටයුතු අමාත්‍යවරයා කටයුතු කළා. සෙනෙටි සභිකයෙකු වන බිල් හැගට් සමග ද අල් සබ්රි මහතා ද්වීපාර්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
The post ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඇමෙරිකාවෙන් ලැබෙන සහාය ශ්‍රී ලංකාවේ පැසසුමට appeared first on ITN News.
Post a Comment