චීනයේ කොරෝනා නීතිවලට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් ෂෙන්සෙන් සහ බීජිං ඇතුලු නගර කිහිපයක සංචරණ සීමා සීමාවන් ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වයිරසය හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් චීනයේ දැඩි කොරෝනා නීති ක්‍රියාත්මක කෙරුණා. පසුගිය මාස කිහිපයේ සිට චීනයේ ඇතැම් නගරවල යළිත් කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග එම නීති තවදුරටත් දැඩි කිරීමටයි පියවර ගැණුනේ. මේ හේතුවෙන් ජනතාව චීන ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළා. කෙසේ වුවත් මේ වනවිට නගර කිහිපයක පීසීආර් පරීක්ෂන අවශ්‍ය නොවන බවට බලධාරීන් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. එමෙන්ම ආපන ශාලා, සාප්පු සංකීර්ණ වැනි ස්ථානවලට ඇතුළුවීමට ද අවසර ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
The post චීනයේ ෂෙන්සෙන් සහ බීජිං ඇතුලු නගර කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ appeared first on ITN News.
Post a Comment