දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂාගේ අනාගත ධුර කාලය අවදානමක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු අප්‍රිකා ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයෙන් ඔහු කටයුතු කර තිබීම මෙම ගැටලුකාරී තත්ත්වය ඇතිවීමට හේතුවයි. ඔහුට අයත් ගොවිපොලක අති විශාල මුදල් තොගයක් සඟවා තබමින් ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවුණා. කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි සිරිල් රමපෝෂා ප්‍රකාශ කර ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එන් එන් සී පක්ෂය විශේෂ සාකච්ඡාවක්ද කැඳවා තිබුණා.
The post දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂාගේ අනාගත ධුර කාලය අවදානමක appeared first on ITN News.
Post a Comment