අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථාන දෙකකදී මෙම වැටලීම සිදු කෙරුණා. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 510ක් සමඟ පුද්ගලයෙකු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් ස්ථානයක කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 120ක් සමඟ දෙවන සැකකරු රාගම දී අත්අඩංගුවට ගැනුණා. වයස අවුරුදු 29ක් වන ඔහු රාගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්.
The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment