වසර 120කට පමණ පසු උෂ්ණත්වය වැඩිම පෙබරවාරි මාසය මෙම වසරේ දී වාර්තා වු බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කරනවා.
මීට පෙර පෙබරවාරි මාසයක දී ඉන්දියාවේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ 1901 වසරේදියි. පෙබරවාරි මාසයේ දී ඉන්දියාවෙන් වාර්තා වු උෂ්ණත්වය සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 29.5ක් ලෙසයි සටහන් වන්නේ. පසුගිය මාසයේ වාර්තා වු උෂ්ණ අධික කාලගුණයත් සමඟ ඉදිරි මාස කිහිපයේ දී තාප තරංග බලාපොරොත්තු විය හැකි බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එය මැයි මස අග භාගය දක්වා බලපානු ඇති බවටයි ඔවුන් පුරෝකතනය කරන්නේ. අධික උෂ්ණත්වයට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම කෘෂිකර්මාන්තයට ද අධික උෂ්ණත්වය හරහා හානි සිදුවිය හැකි බවට ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ විදුලිය සඳහා පවතින ඉල්ලුම ද ඉහළ ගොස් තිබෙනවා.
The post වසර 120කට පසු උෂ්ණත්වය වැඩිම පෙබරවාරි මාසය මෙම වසරේ දී appeared first on ITN News.
Post a Comment