වයඹ දිග සිරියාවේ යළිත් වරක් කොළරා වසංගතය පැතිර යන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පසුගිය මාසයේ දී භූ කම්පනයෙන් හානි සිදු වු වයඹ දිග සිරියාවේයි මෙලෙස කොළරා වසංගතය පැතිර යමින් පවතින්නේ. කොළරා වසංගතය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 568 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඒ අනුව පසුගිය වසරේ කොළරා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ජිවිතක්ෂයට පත්ව ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 22ක්. භූ කම්පනයත් සමඟ අපද්‍රව්‍ය ප්‍රවාහන මාර්ග බිඳ වැටීම හරහා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ඉඩ පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එමෙන්ම සහන කඳවුරුවලට පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම ද මෙයට බලපා තිබෙනවා.
The post වයඹ දිග සිරියාවේ යළිත් වරක් කොළරා වසංගතය පැතිර යයි appeared first on ITN News.
Post a Comment