ඇන්ටාක්ටික් මහද්වීපය වටා මුහුදේ අයිස් ප්‍රමාණය වාර්තා ගත ලෙස අඩු මට්ටමකට පැමිණ තිබෙනවා.
චන්ද්‍රිකා භාවිතා කරමින් 1970 වසරේ සිට ඇන්ටාක්ටික් මහද්වීපයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරිමෙන් පසු සටහන් වු අඩුම මුහුදු අයිස් ප්‍රමාණය මෙය බවයි වාර්තා වන්නේ.
සුළං හා උණුසුම් වාතය හේතුවෙන් පෙබරවාරි 13වන දින වන විට මුහුදු අයිස් ප්‍රමාණය වර්ග කිලෝ මීටර මිලියන 1.91ක් දක්වා අඩුව ඇති බව ජාතික හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානය පවසනවා.
පසුගිය වසර 7 තුළදී 2017 / 2022 හා 2023 යන වර්ෂවල මෙලෙස අවම මුහුදු අයිස් ප්‍රමාණයන් දක්නට ලැබෙන බව එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරනවා.
කෙසේ වුවද ඇන්ටාක්ටික් මුහුදු අයිස් වල හැසිරීම දේශගුණික විපර්යාසවලට සරළව ආදේශ කළ නොහැකි සංකීර්ණ සංසිද්ධියක් ලෙසයි විද්‍යාඥයින් හදුන්වන්නේ.
The post ඇන්ටාක්ටික් මහද්වීපය වටා මුහුදේ අයිස් ප්‍රමාණය අඩුවෙයි appeared first on ITN News.
Post a Comment