ග්‍රීසියේ දුම්රිය අනතුරට හේතුව වැරදි සංඥා නිකුත් කිරීම බව වාර්තා වනවා. අනතුරත් සමඟ එරට ප්‍රවාහන අමාත්‍යවරයා ද ඉල්ලා අස් වුණා.
පුද්ගලයන් 43 දෙනෙකුට මරු කැඳවමින් තවත් 72 දෙදෙනෙකුට තුවාල සිදු කරමින් ග්‍රීසියේ සිදු වූ දුම්රිය අනතුර නිරීක්ෂණය කිරීමට එරට අග්‍රාමාත්‍යවරයා ද පැමිණ තිබුණා.
එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකෝස් මිට්සොටාකිස් ප්‍රකාශ කළේ ප්‍රාදේශීය ස්ථානාධිපතිවරයා මෙම අනතුරට වගකිව යුතුව ඇති බවයි.
මගීන් 350 දෙනෙකු රැගත් දුම්රිය ලැරිසා නගරයෙන් පිටත් වී උමං මාර්ගයක ගමන් කර පිටතට පැමිණෙන අවස්ථාවකදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ.
කෙසේ වෙතත් එල්ල වන චෝදනා දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර එය සංඥා දෝෂයක් බවට ප්‍රකාශ කර තිබෙනවා.
The post ග්‍රීසියේ දුම්රිය අනතුරෙන් පසු එරට ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.
Post a Comment