Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණයෙන් උතුරු ඇමෙරිකාවට බලපෑම්  

Add comments

උතුරු ඇමෙරිකාවට අධික ශීත හා උෂ්ණාධික කාලගුණයෙන් එකවර බලපෑම් එල්ලවී තිබෙනවා.

ශීත සෘතු හිම කුණාටු උතුරු ඇමෙරිකාව ඇතුළු ඇමෙරිකාවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බලපෑම් එල්ලකර ඇති අතර උතුරු ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තාගත උෂ්ණත්වය ඉහළයෑම් සටහන් වනවා.

පසුගිය සතියේ දී එරට ප්‍රාන්ත 28ක මිලියන 75ක පමණ පිරිසකට හිම කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි කාලගුණ අංශ පියවර ගත්තේ.

ඩකෝටාස් , මින්නෙසෝටා හා විස්කොන්සින් යන ප්‍රාන්තයන්හි පාසල් හා ව්‍යාපාරික ස්ථාන වසා දැමීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර වොෂින්ටන් ප්‍රාන්තයෙන් වසර 150කට පසු වැඩිම උෂ්ණත්වය ද වාර්තා වුණා. කෙසේ වුවද අධික සුළං හේතුවෙන් උෂ්ණත්වයේ බලපෑම් අවම වී තිබූ බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

එමෙන්ම උතුරු ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක හිම පතනය අඩි 2 ඉක්මවා ඇති අතර වසර 30කට පසු වාර්තා වූ වැඩිම හිම පතනය ද එය වනවා.

 

 

 

The post අයහපත් කාලගුණයෙන් උතුරු ඇමෙරිකාවට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG