සමස්ත ලෝකයේම ළමා විවාහ අනුපාතතය ඉතා සෙමින් පහත වැටෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක දැක්වෙනවා.
යුනිසෙෆ් වාර්තාවලට අනුව ලොවපුරා ගැහැනු දරුවන් හා කාන්තාවන් මිලියන 640ක් විවාහ වී ඇත්තේ අවුරුදු 18ට අඩු වයසකදීයි.
ළමා විවාහ අඩුවෙමින් පවතින නමුත් දේශගුණික විපර්යාස ඇතුළු අර්බුද මාලාව මෙම ප්‍රවණතාව ආපසු හැරවීමට උත්සාහ කරමින් සිටිනවා.
එබැවින් තවත් වසර 300ක් යන තුරු එම ක්‍රමය ඉවත් නොවනු ඇති බවයි යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ වනවිට වාර්තාවන පරිදි සෑම වසරකම මිලියන 12ක් ගැහැනු දරුවන් හා නව යෞවනියන් මනාලියන් බවට පත්වනවා.
The post සමස්ත ලෝකයේම ළමා විවාහ අනුපාතය පහත වැටෙයි appeared first on ITN News.
Post a Comment