කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පිටවන දුමාරය නිසා එරට ජනතාවට මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.
උතුරු ඇමෙරිකාවේ බොහෝ පිරිසකට ලැව් ගිනි හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වීමට සිදුව තිබෙනවා.
එන් නයින්ටිෆයිව් වර්ගයේ මුව ආවරණ පළඳින්නැයි කැනඩා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
නිව්යෝර්ක් නගරයටද ලැව් ගිනිවලින් පිටවන දුමාරය බලපෑම් එල්ල කර තිබෙනවා.
කැනඩාවේ කුබෙක් නගරයේයි ලැව් ගිනි හටගෙන ඇත්තේ.
ස්ථාන 150 ක පමණ ගිනි ගැනීම් සිදුවනවා.
පහළොස් දහසක පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර එය දරුණු මට්ටමකට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
The post මුව ආවරණ පළඳින්නැයි කැනඩා ජනතාවට ඉල්ලීමක් appeared first on ITN News.
Post a Comment