ඇමෙරිකාවේ හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කළා.
මයික් පෙන්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඔහුගේ ධුර කාලය තුළදී උප ජනාධිපති ලෙස කටයුතු කළා. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි සදහා අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු ද ඔහු ආරම්භ කළ බව විදෙස් මාධය සදහන් කරනවා.
කෙසේ වුවද ජනාධිපතිවරණ තරගයේ දී රිපබ්ලිකන් පක්ෂයේ නියෝජනය සදහා මයික් පෙන්ස් තුන්වන ස්ථානයේ පසුවන බව විශ්ලේෂකයින් පවසනවා.
The post මයික් පෙන්ස් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක සටනට appeared first on ITN News.
Post a Comment