ප්රංශයේ උත්සන්නව ඇති විරෝධතාවලට එක් වූ දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
4 වන දිනටත් ප්රංශය පුරා ක්රියාත්මක කැරළි කෝලාහල හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. පැරිස් නුවර මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි දරුවෙකු පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයයි මෙලෙස උත්සන්න වී තිබෙන්නේ.
ඒ හේතුවෙන් පැරිස් නගරයේ විරෝධතා රැසක් හටගැනුණා. තත්ත්වය පාලනය කිරීම සදහා හතලිස්පන්දහසක පොලිස් බලඇණියක් යොදවා තිබෙනවා. ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 249 දෙනෙකු ද තුවාල ලැබුවා.
The post ප්රංශයේ විරෝධතාවලට එක් වූ දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment