ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ නිව්යොර්ක් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශයන්ට ගංවතුර තත්ත්වයක් ද හටගත්තා. එම ප්‍රදේශයන්ට මිලිමීටර 200 ඉක්ම වු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා. ගංවතුරට මැදිව සිටින පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සහන කණ්ඩායම් යොදවා ඇති බව ද සදහන්.
ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනය ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
The post නිව්යොර්ක් නගරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයෙකු මරුට appeared first on ITN News.
Post a Comment