2016 වසරේ බෙල්ජියමේ බ්රසල්ස් බෝම්බ ප්රහාරයට වගකිව යුතු හයදෙනෙකු මිනීමැරුම් චෝදනා යටතේ වැරදිකරුවන් කිරීමට එරට අධිකරණය කටයුතු කළා.
2016 වසරේ මාර්තු මාසයේ දී බෙල්ජියමේ ගුවන් තොටුපල හා මෙට්රෝ දුම්රිය ස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල වූ අතර ඉන් පුද්ගලයින් තිස්දෙදෙනෙකු මියගියා.
දින 19ක දීර්ඝ නඩු විභාගයකින් පසුවයි බ්රසල්ස් අධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ.
මීට සම්බන්ධ සැකකරුවෙක් වන 33 හැවිරිදි සලා අබ්දෙස්ලාම් ඇතුළු කිහිප දෙනෙකු වෙත බෝම්බ ප්රහාර එල්ල කිරීම පිළිබද තවත් චෝදනා ඉදිරිපත්ව තිබුණා.
ඒ 2015 වසරේ ප්රංශයේ පැරිස් නුවරට බෝම්බ ප්රහාරයක් එල්ල කර 130 දෙනෙකුට ජීවිත අහිමි කිරීම පිළිබඳවයි.
The post බ්රසල්ස් ප්රහාරයට වගකිව යුතු හයදෙනෙකු එරට අධිකරණය වැරදිකරුවන් කරයි appeared first on ITN News.
Post a Comment