ජනාධිපති මොහොමඩ් බසූම් යලි බලයේ පිහිටුවීම සඳහා බටහිර අප්‍රිකානු නායකයින් විසින් නයිජර්හි හමුදාවට ලබා දුන් දින හතක කාලය හෙටින් අවසන් වීමට නියමිතයි.
අසල්වැසි නයිජීරියාවේ ජනාධිපති බෝලා ටිනුබුගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රාදේශීය කන්ඩායමක් පසුගිය ඉරිදා රැස් වී සතියක කාලයක් මේ සඳහා ලබා දුන්නා.
කුමන්ත්‍රණයට සම්බන්ධ නායකයින්ට දැනටමත් එම රටවල් සම්බාධක පනවා ඇති අතර නයිජීරියාවේ සිට විදුලි සැපයුමද කපා හැර තිබෙනවා.
මේ අතර ඇමෙරිකාව පසුගියදා ප්‍රකාශ කළේ නයිජර් රජයට ලබා දෙන ආධාර නවත්වන බවයි.
එහෙත් මානුෂීය ආධාර දිගටම ලබා දෙන බව ඔවුන් පවසනවා.
බටහිර අප්‍රිකානු නායකයින් ප්‍රකාශ කළේ ජනාධිපති බසුම් නැවත පත් නොකළහොත් බලය නියත වශයෙන්ම භාවිතා කරන බවයි.
නයිජීරියාව, අයිවරි කෝස්ට්, සෙනගල් සහ බෙනින් යන රටවල් සියල්ලම නයිජර් වෙත තම හමුදා යැවීමට කැමැත්ත පළ කර තිබෙනවා.
The post බටහිර අප්‍රිකානු නායකයින් විසින් නයිජර්හි හමුදාවට ලබා දුන් දින 7ක කාලය හෙටින් අවසන් appeared first on ITN News.
Post a Comment