Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු ධජය සහිත නැවකට යුක්‍රේනයෙන් ප්‍රහාරයක්  

Add comments

රුසියානු ධජය සහිත නැවකට යුක්‍රේනය ප්‍රහාරයක් එල්ල කළා.

කළු මුහුදේ දී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි රුසියාවේ ටාස් රාජ්‍ය පුවත් ඒජන්සිය සඳහන් කරන්නේ.

ගුවන් ප්‍රහාරයක් මෙසේ එල්ල වී ඇති අතර නෞකාවේ එන්ජින් කාමරයට හානි සිදු වුණා.

නෞකාවේ කාර්ය මන්ඩලයේ 11 දෙනෙකු සිට ඇති අතර කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

ක්‍රිමියා පාලමට නුදුරින් යුක්රේන නාවික හමුදා ඩ්‍රෝන යානාවකින් ප්‍රහාරය එල්ල වී ඇති බවටයි සැළකෙන්නේ.

කෙසේ වුවද යුක්‍රේනය මේ දක්වා ප්‍රහාරය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

 

 

 

The post රුසියානු ධජය සහිත නැවකට යුක්‍රේනයෙන් ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG