Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව නයිජර් රාජ්‍යයේ පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කර ගැනීමට සැරසෙයි  

Add comments

නයිජර් රාජ්‍යයේ බලය පෙරළා දැමීමේ කුමන්ත්‍රණය හේතුවෙන් එරට පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ඉවත් කර ගැනීමට සුදානම් වනවා.

කොටස් වශයෙන් මෙම ඉවත් කර ගැනීම සිදු කරන බවයි ඇමෙරිකා රජය පවසන්නේ.

මේ වන විටත් නයිජර් හි රැඳි සිටින විදෙස් තානාපති කාර්යාල සේවකයන් රැසක් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට රටවල් රැසක් කටයුතු කර තිබෙනවා.

විරෝධතාකරුවන් නයිජර් හි ප්‍රංශ තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කීරිමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.

බලය අල්ලා ගත් හමුදා නායක ජෙනරාල් අබ්දෝරහුමානේ චියානි ප්‍රකාශ කර ඇත්තේ තම රටේ කටයුතු වලට වෙනත් රටවල් අත පෙවීමෙන් වළකින ලෙසයි.

මේ අතර ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් බලයෙන් පහකළ නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් සමඟ දුරකතනයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

නයිජර් රාජ්‍යය යුරේනියම් මූලද්‍රව්‍ය අතින් පොහොසත් රාජ්‍යයක්.

ඒ හේතුවෙනුයි ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් මෙම කුමන්ත්‍රණය පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඇත්තේ.

 

 

 

 

 

The post ඇමෙරිකාව නයිජර් රාජ්‍යයේ පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කර ගැනීමට සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG