Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ සාදිනියා දූපත් කලාපයේ ලැව්ගිනි  

Add comments

ඉතාලියේ සාදිනියා දූපත් කලාපයේ දැවැන්ත ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එමෙන්ම පෘතුගාලයට ද දැඩි ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ සාදිනියා හි ඇති ව තිබෙන ලැව්ගිනි පාලනය සදහා එරට ගිනි නිවන කණ්ඩායම් 12ක් දැඩි පරිශ්‍රමයක නිරත වනවා.

මොන්ටෙ ලොන්ගු වෙරළේ සිට රැගෙන ආ ජලය හෙලිකෝප්ටර් යානා මගින් ඉසිම ද සිදු කරනවා.

පොසාඩා ප්‍රදේශයේ එළවලු වගා කරන භූමි රැසකට ද ගින්නෙන් හානි සිදුව තිබෙනවා.

මේ වන විට පුද්ගලයන් 600ක පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පෘතුගාලයේ ලැව්ගිනි වලින් අක්කර 17000ක් විනාශ වී තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශවල කොටුව සිටි සියයකට අධික පිරිසක් බේරා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කර තිබෙනවා.

මේ වන විට ප්‍ර දේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 40 සීමාවට පැමිණ තිබෙනවා.

The post ඉතාලියේ සාදිනියා දූපත් කලාපයේ ලැව්ගිනි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG