හයිටි රාජ්‍ය තුළ කාන්තාවන් හා කුඩා දරුවන් පැහැර ගැනීම ඉහළ ගොස් තිබෙනවා.
මෙම වසරේ පළමු මාස 6 තුළ දී පමණක් කාන්තාවන් හා කුඩා දරුවන් 300කට ආසන්න සංඛ්‍යාවක් පැහැර ගැනීමට ලක්ව ඇති බවයි යුනිසේෆ් සංවිධානය පවසන්නේ. ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කිරීමට අදාළ පාර්ශවයන් පියවර ගත යුතු බව එම සංවිධානය පෙන්වා දෙනවා. අපරාධකල්ලි වල ක්‍රියාකාරීත්වය ඉහළ යාමත් සමග සිදුවන පැහැර ගැනීම් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි යුනිසේෆ් සංවිධානය සදහන් කරන්නේ. මූල්‍ය හෝ උපාය මාර්ගික කටයුතු සදහා මෙලෙස පැහැර ගැනීම් සිදුවන බව ද සදහන්.
පසුගිය සතියේ දී ඇමෙරිකා ජාතික හෙදියක් පැහැර ගැනීමට ලක්වීමත් සමග හයිටි රාජ්‍ය වෙත නැවත වරක් ජාත්‍යන්තර අවධානය යොමු වුණා. ඒ හේතුවෙන් මේ වන විට එරට සෞඛ්‍ය මධ්‍යස්ථාන බහුතරයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
The post හයිටි රාජ්‍ය තුළ කාන්තාවන් හා කුඩා දරුවන් පැහැර ගැනීම ඉහළට appeared first on ITN News.
Post a Comment