කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් වන එරිස් වයිරසය සීඝ්‍රයෙන් බ්‍රිතාන්‍යය පුරා පැතිරයමින් පවතිනවා.
ඔමික්‍රෝන් කොවිඩ් වයිරසයෙන් හට ගත් උප ප්‍රභේදයක් ලෙසයි එරිස් වයිරසය සැලකෙන්නේ. පසුගිය මාසයේදී පළමුවරට එරිස් වයිරස ආසාදිතයෙක් වාර්තා වුණේ මහා බ්‍රිතාන්‍යයෙන්. පසුව ආසියා මහද්වීපයෙන් ද එරිස් ආසාදිතයන් සොයා ගැනුණා. අධික හිසරදය, උගුරේ ආබාධ, නාසයෙන් සොටු දියර ගැලීම, අධික තෙහෙට්ටුව හා කිවිසුම් යාම එරිස් ආසාදිතයන් අතර බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එරිස් ව්‍යාප්තිය පාලනය නොකළ හොත් එය වසංගතයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බවයි.
The post කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය ‘එරිස්’ බ්‍රිතාන්‍යය පුරා සීඝ්‍රයෙන් පැතිර යයි appeared first on ITN News.
Post a Comment