ඇමෙරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන එකක ආධාර ලබාදීමේ නව සැලැස්ම එළිදක්වා තිබෙනවා.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මෙය ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ඩොලර් මිලියන 665 ක යුද ආධාර ඊට ඇතුළත්.
සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආධාර ලබාදීමද එයට එක් කර තිබෙනවා.
ගිණිකොණ දිග යුක්‍රේනයට රුසියා හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන අතරතුරයි මෙම නව සැලැස්ම ප්‍රකාශයට පත් කෙරුණේ.
යුද ආධාර යටතේ මිසයිල පද්ධති, යුද ටැංකි නාශක අවි මෙන්ම දිගු දුර අවි රැසක් ද ඇතුළත්.
මෙම ආධාර සැප්තැම්බර් මාසය මැද භාගය වන විට යුක්‍රේනයට ලබාදීම ඇමෙරිකාවේ සැලසුමයි.
The post ඇමෙරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන එකක ආධාර ලබාදීමේ නව සැලැස්ම එළිදක්වයි appeared first on ITN News.
Post a Comment