Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

රෆා ප්‍රදේශය අද විවෘත කෙරෙනු ඇති බවට අනාවැකි  

Add comments

තුවාල ලැබූ පලස්තීන ජාතිකයින්ට ගාසා තීරයෙන් පිටවීම සඳහා රෆා ප්‍රදේශය අද විවෘත කරනු ඇති බවට විදෙස් මාධ්‍ය අනාවැකි පළ කරනවා.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබූ පලස්තීන ජාතිකයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙලෙස ගාසා ඊජිප්තු දේශසීමාව විවෘත කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ගාසා තීරයේ රෝහල් තුනෙන් දෙකක් පමණ අක්‍රීය වීම හේතුවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම දැඩි අපහසු තත්ත්වයක් බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එබැවින් බරපතළ තත්ත්වයේ පසුවන්නන්ට පළමුව රෆා ප්‍රදේශයෙන් ඊජිප්තුවට ඇතුළු වීමට අවසර ලබාදීමට නියමිත බවයි අනාවැකි පළ වන්නේ.

 

The post රෆා ප්‍රදේශය අද විවෘත කෙරෙනු ඇති බවට අනාවැකි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG