න්‍යෂ්ටික හැකියාව සහිත නව වර්ගයේ කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා.
එරට රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ අත්හදා බැලූ පුල්වාසාල්-3-31 කෲස් මිසයිලය තවමත් එහි සංවර්ධන අදියරේ පවතින බවයි.
උතුරු කොරියාව සිය යුධ හැකියාවන් තවදුරටත් පුළුල් කරමින් සිටිනවා.
ඔවුන් කියා සිටින්නේ ජපානයේ පිහිටි ඇමරිකා හමුදා කඳවුරු ද ඉලක්ක කර කිලෝමීටර් 2,000 පරාසයක් දක්වා තමන්ට ප්‍රහාර එල්ල කළ හැකි බවයි.
The post උතුරු කොරියාව නව මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.
Post a Comment