Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෆා ප්‍රදේශයෙන් ලක්ෂ 9ක් පලායයි  

Add comments

ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් ලක්ෂ 9ක පමණ පිරිසක් පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් දැඩි කිරීමත් සමඟ ඉන් පලායන පිරිස ඉහළ ගොස් තිබෙනවා.

ගාසා තීරයේ අවතැන් වූ පිරිස අතරට තවත් ලක්ෂ 9ක පිරිසක් මේ සමඟ එක්වන බවයි ජගත් සංවිධානය පවසන්නේ.

පසුගිය සතිය ඇතුළත දී  මෙතරම් විශාල පිරිසක් අවතැන්භාවයට පත්වීම ද විශේෂත්වයක්.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඊයේ දිනයේදී පමණක් පලස්තීන වැසියන් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම අද දිනය තුළදී තවත් සාමාන්‍ය වැසියන් 20 දෙනෙකු පමණ ඊහ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්වූ බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

The post රෆා ප්‍රදේශයෙන් ලක්ෂ 9ක් පලායයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG