Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 18

කිරිගිස්තාන විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක ගැටුමක්  

Add comments

කිරිගිස්තාන විශ්වවිද්‍යාල සිසුන් විදෙස් සිසුන්ට සිදුකළ පහරදීමෙන් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කිරිගිස්තානයේ බිෂ්කෙක් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක දේශීය සිසුන් සහ විදේශීය සිසුන් අතර ගැටුමක් ඇති වුණා.

මෙම ගැටුමට ප්‍රදේශවාසින්ගේ සහාය ද දේශීය සිසුන්ට ලැබී තිබෙනවා.

මෙම ගැටුමෙන් පාකිස්තාන සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ. පාකිස්තානය,  බංග්ලාදේශය,  ඉන්දියාව, ඊජිප්තුව වැනි රටවල් වලින් පැමිණෙන සිසුන් සංඛ්‍යාව ඉහළ යාමට විරුද්ධව මෙම ගැටුම් හටගත්තා.

මේ වන විට කිරිගිස්තානය තුළ ඉන්දීය සිසුන් 15000කට අධික ප්‍රමාණයක් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රචන්ඩ විරෝධතා මධ්‍යයේ සියලුම සිසුන් තම නේවාසිකාගාර තුළ රැදි සිටින ලෙස ඉන්දීය රජය සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවට කිරිගිස්තාන රජය ප්‍රකාශ කරනවා.

 

 

The post කිරිගිස්තාන විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක ගැටුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG