Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්  

Add comments

යුද මෙහෙයුම් වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩසටහනක් ඉදිරිපත් නොකරන්නේ නම් කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය බෙනී ගැන්ස් අනතුරු අඟවනවා.

බෙනී ගැන්ස් ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙසයි සැලකෙන්නේ.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සැළසුම් සම්බන්ධයෙන් එරට යුද කැබිනට්ටුවේ මතබේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා.

ගාසා තීරය තුළ කිසි ලෙසකින් ඊශ්‍රායල මිලිටරි පාලනයක් හෝ සිවිල් පාලනයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි පසුගිය සිකුරාදා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

සාම සාකච්ඡා ආරම්භ කර ගැටුම් සමතයකට පත්කර ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට එල්ල වන පීඩනය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

ජුනි මස 8 වන දිනට ප්‍රථමයෙන් ගාසා තීරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා තම සැළැස්ම ඉදිරිපත් කළ යුතු බවයි බෙනී ගැන්ස් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

The post ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG